ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන බදු සහනය ඉවත්කළා යැයි කීම අසත්‍යයක්- අමාත්‍ය බන්දුල (වීඩියෝ)

ජූලි 06, 2020
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන බදු සහනය ඉවත්කළා යැයි කීම සම්පූර්ණයෙන් අසත්‍ය බව උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහෙත් කොවිඩ් 19 ව්‍යසනයෙන් රට ගොඩ ගැනීම සඳහා ණය පොළී අනුපාතය තනි ඉලක්කමකින් පවත්වාගෙන යාමට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹණු බව සඳහන් කළ අමාත්‍යවරයා තාවකාලික වශයෙන් මෙම තත්වය පවත්වාගෙන ගියත් අනෙකුත් පිරිවැය අඩු වූ වහාම එහි ප්‍රථිලාභ දිගුකාලීන වශයෙන් ජනතාවට ලබා දෙන බව පැහැදිළි කර දුන්නේය.

    කොව්ඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය ගොඩගැනීම් සම්බන්ධව සහ රාජ්‍ය ආර්ථික කළමණාකරණය පිළිබඳව ඒ හා සම්බන්ධ විශේෂඥ මණ්ඩල සමග විවිධ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව ඉදිරි වසරවල රටේ ආර්ථිකය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව රජය මෙම ප්‍රතිපත්තිමය තීරණයට එළඹුණු බවත් සඳහන් කර සිටියේය.

    ලෝකයේ අනෙක් රටවලද මෙම ක්‍රමය අනුගමනය කරන බව අමාත්‍යවරයා පැවසීය. එහෙත් ලංකා ඉතිහාසයේ ලබා දුන් විශාලතම බදු සහන පැකේජය මෙම රජය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව මසකට රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට වසරකට ලක්ෂ 30 දක්වා අදායම් බදු නිදහස්කළ බවත් එය ලංකා ඉතිහාසයේ ලබා දුන් බදු නිදහස බවත් පෙන්වා දුන්නේය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:31

    Latest News