පුහුණුවන රැකියා විරහිත උපාධිධාරීන්ගේ දීමනාව මැතිවරණ කොමිෂන් සභාව අත්හිටුවයි (වීඩියෝ)

මැයි 01, 2020
  • අභ්‍යාසලාභීන් ලෙස පුහුණුව ලබමින් සිටින රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබාදෙන රුපියල් විසි දහසේ දීමනාව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    ඒ පිළිබඳ දැක්වෙන ලිපියක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත යවා ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    සුදුසුකම් ලැබූ රැකියා විරහිත උපාධිධාරීන් 45,585 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ. පුහුණු කාලය ආරම්භ කිරීම මැතිවරණ කොමිසම අත්හිටුවුවද, කොරෝනා වංසගතය හේතුවෙන් රු. 20,000/=ක දීමනාව රැකියා විරහිත උපාධිධාරීන්ට ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබූ බව අමාත්‍යවරයා පවසයි. “මැතිවරණ කොමිසම විසින් මැතිවරණය අවසන් වනතෙක් කිසිදු දීමනාවක් ගෙවන්න නොහැකි බව ලිඛිතව දැනුම් දී තිබෙනවා“ යැයි අමාත්‍යවරයා පවසයි.

    Latest News