ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන බදු සහනය ඉවත්කළා යැයි කීම සම්පූර්ණයෙන් අසත්‍ය බව උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අභ්‍යාසලාභීන් ලෙස පුහුණුව ලබමින් සිටින රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබාදෙන රුපියල් විසි දහසේ දීමනාව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ගොවීන්ට සහනදායී පොලී අනුපාතයක්‌ යටතේ රුපියල්‌ ලක්‍ෂ 30 ක්‌ දක්වා වන ණය මුදලක්‌ ලබා දීමට පියවර ගෙන ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉදිරි සතිය වනවිට මාළු තොග හුවමාරුව දැනට විවෘත කර ඇති ආර්ථික මධ්‍යස්ථානවලින් ආරම්භ කරන බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අසර්බයිජානයේ විශ්වවිදායාලයක අධ්‍යාපනය ලබමින් සිටියදි  මියගිය සිසුවියන්ගේ දේහයන් විදේශ කටයුතු අමාත්‍යංශය හා රජයේ වියදමින් දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විශ්වවිද්‍යාල තුළ නවක වදය සිදු කරන සිසුන්ට එරෙහිව නීතීමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නුවරඑළිය සදතැන්න වන විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කරනු ලබන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝතපාදන තොරතුරු තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි.

විශ්වවිද්‍යාල ගැටලුවලට මැදිහත්වී ගැටලු තිබූ තැන්වලට විසඳුම් ලබා දී ඇති බවත් දැනට ක්‍රියාත්මක වන්නේ ජාතියේ සහ රටේ න්‍යාය පත්‍රය බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසයි.

දින සියයක් ඇතුළත රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගුණාත්මක බවින් ඉහළ මාධ්‍ය සංස්කෘතියක් සඳහා දායකවීම ජාතික රූපවාහිනියේ වගකීම බව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Latest News