වැලිමඩ, නැදුන්ගමුවේ සිසුවෙකු දියේ ගිලී මරුට

දෙසැ 31, 2019

     වැලිමඩ, බෝගහකුඹුර, නැදුන්ගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු ඊයේ (30) හවස දියේ ගිලී මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.

    නැදුන්ගමුව, කරගහවෙල පදිංචි මෙම පහලොස් හැවිරිදි පාසල් සිසුවා ගොන්බැදිගහ අගල වැවේ දිය නෑමට ගොස් ඇත.

    සිසුවා තම මිතුරන් කිහිපදෙනෙක් සමග මෙම දිය නාමින් සිටියදී මෙම වැවේ රොන්මඩ පිරී තිබීම නිසා මෙම අනතුර සිදුවී තිබේ. මිතුරන් විසින් දියේ ගිලූණු තම මිතුරා ගොඩ ගැනීමට මහත් වෙහෙසක් ගෙන ඇතැත් එය අසාර්ථක වි ඇත. පසුව ප‍්‍රදේශවාසින් හා බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් එක්ව කළ මෙහෙයුමකදි දියේ ගිලී සිටි සිසුවාගේ සිරුර සොයා ගැනිමට හැකිව තිබේ.

    මේ වන විට මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇත. මෙම මරණය පිළිබදව මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේදී සිදු වේ. බෝගහකුඹුර පොලිසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 15:41

    Latest News