බවුසර් රථ හිමිකරුවන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවයි

මාර් 16, 2022

    බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.



    වැඩිවුණ ඉන්ධන මිලට සාපේක්ෂව තෙල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ නංවන ලෙස ඉල්ලමින් පෞද්ගලික තෙල් බවුසර හිමියන් ඊයේ රාත්‍රී සිට වර්ජනයක නිරත වී සිටියා.

    ප්‍රවාහන ගාස්තු සියයට හැටකින් ඉහළ නංවන ලෙස පෞද්ගලික තෙල් බවුසර හිමියන් ඉල්ලා සිටිනවා.

    Latest News