ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයට

මාර් 04, 2022

    ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

    ඒ ඊයේ රාත්‍රී සිදු කෙරුණු අමාත්‍ය ධුරවල සංශෝධනයත් සමගයි. එහි දී ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කෙරුණා.

    තවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.


    Latest News