නාවල තෙත්බිම් උද්‍යානය ප්‍රතිසංස්කරණයට (වීඩියෝ)

දෙසැ 30, 2019
  • නාවල, නාගරික තෙත්බිම් උද්‍යානයේ ප්‍රතිසංස්කරණය කිරීම් දැන් සිදු කෙරේ.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත. වසර ගණනාවක් එහි නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවූ බව ජනතාව චෝදනා කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස සිටියදී මෙම නාගරික තෙත්බිම් උද්‍යානය ඉදි කළේය. ඒ, 2014 වසරේ. බස්නාහිර පළාතේ ගංවතුර බැසයාම ක්‍රමවත් කිරීමට සමගාමීව උද්‍යාන ද සැලසුම් කළ අතර නාවල නාගරික තෙත්බිම් උද්‍යානය ද එවැන්නක්. අක්කර 16ක විහිදී ඇති මෙම උද්‍යානය ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වැය කළ මුදල රුපියල් 82ක්. ඇවිදීමේ මංතීරුවක්, උද්‍යානයක්, ව්‍යායාම කිරීමේ ස්ථානයක් ඊට ඇතුලත්.

    නුගේගොඩ, නාවල, පිටකෝට්ටේ ඇතුළු නගර ආශ්‍රිත ප්‍රදේශ රැසක ජනතාවට ඉන් ප්‍රතිලාභ සැලසේ. විවිධ පිරිස් කැළිකසල දැමීම නිසා ඇළ මාර්ග අපිරිසිදුව තිබූ අතර, මේ වනවිට ඒවා පිරිසිදු කරමින් පවතී. වසර ගණනාවකට පසු මෙම පිළිසකර කිරීම් කටයුතු පිළිබඳ ජනතාව ප්‍රසාදය පළ කරයි.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 20:23

    Latest News