තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදාවන්හි දී ජනතා ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරිමේ සියළු ක්‍රියාමාර්ගයන් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත, ඩූමෝ කොටසේ පදිංචි පවුල් 46ක 187 දෙනෙක් අද උදෑසන ඔවුන් පදිංචිව සිටි ලැයිම් කාමරවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
ඒ පවතින වර්ෂාවත් සමඟ ඇතිවූ නායයාමේ හා ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන්.

පවතින අධික වර්ෂාපතනයත් සමග මුලතිව් වවුනිකුලම් වැව ආරක්ෂා කර ගැනීම සදහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම ඊයේ රාත්‍රී සිට විවෘත කර තිබේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර හෙට (27) වනවිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි දිනවලදී දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News