පළාත් රැසකට අදත් වැසි

සැප් 29, 2020

    බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත්,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    උතුරු හා උතුරු මැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඌව පළාතේත්,මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව,කාලගුණ නිවේදනයේ සදහන්.

    බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්,ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයින හරහා විශේෂයෙන් උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත්,ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලතච් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු හා ඊසානදිග ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි අපේක්ෂා කළ හැකියි.

    Latest News