දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහවැලි, කැලණි, කළු, ගිං ගංගා හා අත්තනගලු ඔය අවට සිටින ජනතාව ජල මට්ටම් ඉහළ යෑම පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද තවදුරටත් පවතිනු ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුද අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් සහ පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News