පළාත් රැසකට අදත් වැසි

සැප් 30, 2020

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

    වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දන්වා තිබේ.

    දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (40-50) පමණ තද සුළං ඇති විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

    Latest News