අද දිනයේ (19දින), සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

වැල්ලවාය, කුඩාඔය හල්මිල්ල වැව ගම්මානය හරහා ඊයේ (8) පස්වරුවේ හමාගිය තද සුලගකින් නිවාස පහළොවකට හානි සිදුව තිබේ. ඉන් නිවාස හතරක් පූර්ණ වශයෙන් විනාශ වී ඇත.

අද දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබේ.

දිවයිනේ දකුණු දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වන විට අරාබි මුහුද දෙසට ගමන්කර, දිවයිනට නිරිත දිගින් වන මුහුදු ප්‍රදේශයේ පවතියි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි සහ මුහුද රළුවීමේ තත්ත්වයන් බලාපොරොත්තු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයිනේ (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල අද සිට වැසි තත්වයේ වර්ධනය වීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී (ඔක්තෝබර් 30) විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වන වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News