අන්තර් මෝසම සක්‍රීය වීම නිසා පළාත් කිහිපයකට වැසි

නොවැ 03, 2020

    ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ, දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්වය දිවයින තුල ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් වන අතර ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම ඌව පළාතේත්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News