විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට පසුගිය දා පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවා යැයි මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් තබමින් ලිපියක් මගින් නැවත වරක් කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හඳපත්ලෙන්ම සුභ පතන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඕනෑම අයෙකු විවේචනය කිරීමට අද ඕනෑ තරම් මාධ්‍ය නිදහස ලබා දී ඇති බවත්, පවතින මාධ්‍ය නිදහසට වඩා වැඩි නිදහසක් එළඹෙන 16 වැනිදායින් පසුව ලබා දී ඉහළම ශක්තිය සහ රැකවරණය මාධ්‍ය ක්ෂේත්‍රයට තමන් ලබා දෙන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරී පවුල්වලට ලබා දෙන පහසුකම් පොලිස් සේවයේ සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සෙසු සේවාවන්ට ලබා දීමට කටයුතු කරන බවත්, උපාධිධාරී පොලිස් නිලධාරීන්ට උපාධියට සරිලන උසස්වීම් ලබා දීමට ක්‍රියා කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයට කොඩිවිනයක් වී තිබෙන කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දී ජනතාව පත්ව සිටින අසහනයෙන් පීඩනයෙන් මුදා ගන්නා බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින දොස්තර ඉල්ලියාස් අයිද්රූස් මහතා සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කිරීමට තීරණය කරයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ රැස්වීමක දී විශේෂ හැකියාවන් ඇති දැරියක් දූෂණය කරමින් එම අධම, නින්දිත ක්‍රියාව සිදු කළ පොහොට්ටු පක්ෂයේ දූෂිතයින්ට එරෙහිව ගන්නා පියවර කුමක්ද කියා ප්‍රතිවාදී අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Latest News