ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වැනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාව තුළ ජාතිවාදය,ආගම්වාදය, ජාති භේදය, ආගම් භේදය දේශනා කර නොමැති බවත්, ජාතිවාදය, ආගම්වාදය හා භේදය වපුරන්න කටයුතු කරන පුද්ගලයින් සැබෑ බෞද්ධයින් නොවන බවත්,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මෙරට සෑම පුරවැසියෙකුට එක නීතියක් යටතේ එක හා සමානව සළකන ඒකීය ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට තමන් ඇප කැපවන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජන කරන සියලුම පක්ෂවල සහය ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව නිල වශයෙන් නිවේදනය කරයි.

නොවැම්බර් 16 වෙනිදා පටන් එලඹෙන පාලනයක් තුල මාධ්‍යවේදීන් හට තම වෘත්තිය අභිමානවත් අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස කොන්දේසිවලට යටත් වී සිටින බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බවත්, ඡන්ද ලබා ගැනීම සඳහා කොන්දේසි පසුපස ගොස් රට, ජාතිය, ආගම සහ සජිත් ප්‍රේමදාගේ ඡන්මය විකුණන්නේ නැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පෞද්ගලික අංශයේ සියලු සේවක මත්ම, මහත්මීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට තමන් කටයුතු කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්දියානු ව්‍යවසාකයෙකු වෙන අරුණාචලම් මුරුගානන්දම් විසින් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධ මැතිවරණ පොරොන්දුව පිළිබඳ ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

උපයන විට බදු ගෙවීම (PAYE) ආරම්භ කළ යුතු සීමාව මසකට රු. 100,000 සිට මසකට රු. 150,000 ආදායම දක්වා ඉහළ දමන බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නාහිමියන්ට සහ අස්ගිරි මහ නාහිමියන්ට පිළිගැන්වීම (31) දින මහනුවරදී සිදු කෙරිණ.

Latest News