සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වේ

නොවැ 17, 2019

    සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි.

    එමෙන්ම ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බව නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.

    තවද ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියි.

    නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම නිවේදනයෙන් ස්තුතිය පුද කර සිටියි.

    තමන් සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේ.

    Latest News