කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දී ජනතාව පත්ව සිටින පීඩනයෙන් මුදාගන්නවා - සජිත් (වීඩියෝ)

නොවැ 11, 2019

    පුත්තලම දිස්ත්‍රික්කයට කොඩිවිනයක් වී තිබෙන කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දී ජනතාව පත්ව සිටින අසහනයෙන් පීඩනයෙන් මුදා ගන්නා බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    තම රජය යටතේ පුත්තලම හරහා අනුරාධපුරය දක්වා අධිවේගී මාර්ය ඉදිකිරීමට කටයුතු කරනබවද, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ ආනමඩුව නගරයේ පැවති ජන රැළියට අද(11) එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    “කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඓතිහාසික විප්ලවයක් අප ආරම්භ කරනවා. වාරිමාර්ග ව්‍යාපාරයේ නීලබැම්ම ව්‍යාපෘතියේ දෙවන පියවර ආරම්භ කරනවා. වල් අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ලබා දෙනවා. කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා සහන රැසක් ලබා දෙනවා. සංස්කෘතික සංචාරක කර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නවා. ලුණු කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ගම් උදාවෙන් ගොඩනැගුණු ආනමඩුව තම රජය යටතේ සංවර්ධනය කරනවා” යනුවෙන්ද පැවසීය.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 20:52

    Latest News