ත්‍රිවිධ හමුදා පවුල්වලට දෙන පහසුකම් පොලිස් හා සෙසු ආරක්ෂක අංශයටත්..සජිත්

නොවැ 13, 2019

    ත්‍රිවිධ හමුදාවේ නිලධාරී පවුල්වලට ලබා දෙන පහසුකම් පොලිස් සේවයේ සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සෙසු සේවාවන්ට ලබා දීමට කටයුතු කරන බවත්, උපාධිධාරී පොලිස් නිලධාරීන්ට උපාධියට සරිලන උසස්වීම් ලබා දීමට ක්‍රියා කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස පෙරපාසල් ගුරුවරියන්ව අස් කරන බවට කුහකයෝ කොට්ඨාසයක් බොරු ප්‍රචාර පතුරවමින් සිටින බවත්, මේ අයගේ අරමුණ තම පවුලට කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීම බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවා, හස්ත කර්මාන්තය සංවර්ධන කිරීමට පියවර ගන්නා බවත්, එතුමා වැඩිදුරටත් පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් කැඳවුම්කරු මෛත්‍රී ජෝසන් මහතා හා ලංකා වතු කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.බෝස් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජන හමුවට එක්විය.

    "රටේ පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කිරීමට කටයුතු කරන සජිත් ප්‍රේමදාසගේ සමාජ විප්ලවය පිළිබඳ කුහකයෝ කොට්ඨාසයක් බොහොම කලබන වෙලා. තමන් පෙර පාසල් ගුරුතුමියන්ව අස් කරන්න හදන බවට බොරු ප්‍රචාර පතුරවමින් සිටිනවා. සේවයේ සිටෙින පෙරපාසල් ගුරුතුමියන්ට සහ සහයක ගුරුතුමියන්ට රජයේ පඩිනඩි වේතන ගෙවනවා. පෙර පාස්ල සඳහා මානව සම්පත හා ගොඩනැගිලි, ළමා උද්‍යාන වැනි භෞතික සම්පත් ලබා දී, දරු දැරියන්ට දිවා ආහාරය ද ලබා දීමට කටයුතු කරනවා. එමගින් නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ආරම්භ කරනවා. මෙම බොරු ප්‍රචාර පතුරවන කුහක කොට්ඨාසයේ අරමුණ සින්නක්කර ඔප්පුවෙන් රටේ බලය තම පවුලට ලබා ගැනීමයි."

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 10:59

    Latest News