පොහොට්ටු රැළියේදී දැරියට අතවර කළ අධමයාට කුමක් කරන්නේද?..සජිත්, ගෝඨාභයගෙන් විමසයි

නොවැ 11, 2019

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ රැස්වීමක දී විශේෂ හැකියාවන් ඇති දැරියක් දූෂණය කරමින් එම අධම, නින්දිත ක්‍රියාව සිදු කළ පොහොට්ටු පක්ෂයේ දූෂිතයින්ට එරෙහිව ගන්නා පියවර කුමක්ද කියා ප්‍රතිවාදී අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    දූෂණයට ලක්වූ මෙම විශේෂ හැකියාවන් ඇති අසරණ දැරියට සාධාරණ ඉටු කරන්නේ කවුරුන් ජනාධිපතිධුරයට පත් වුනොත් ද කියා මෙරට ජනතාවගෙන් තමන් ප්‍රශ්න කරන බවත් එළඹෙන 16 වැනිදා තමන් ජනාධිපතිධුරයට පත්වූ එම නින්දිත ක්‍රියාව සිදු කළ දූෂිතයින් නීතිය හමුවට ගෙනවිත් දියහැකි උපරිම දඩුවම ලබා දී අසරණ දැරියට සාධාරණය ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස...

    කාන්තාවන්ට අපහාස සිදු කළ පොහොට්ටුවේ විරුද්ධවාදී කණ්ඩායම මෙම සිදුවීම පිළිබඳව අද කිසි කතාවක් කරන්නේ නැහැ. මෙහෙම ද ප්‍රතිවාදී කණ්ඩායම රටේ ජනතාවට සළකන්නේ.

    පසුගිය රජය සමයේ කොටකෙතන ඝාතන ගණනාවක් සිදුවුණා මතකද? පළමුව කාන්තාවක් සහ දැරියක් ඝාතනය කර පසුව කාන්තාවන් ගණනාවක් ඝාතනයට ලක්වුණා. එම ඝාතන සිදු කළේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. එම කාලයේ රටේ ආරක්ෂාව භාරව සිටියේ කවුද? මිලේච්ච විදිහට කාන්තාවන් දූෂණය කරමින් ඝාතනය කරන විට නොදැක්කා වගේ අහක බලාගෙන සිටියේ කවුද?

    දකුණු පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කාන්තාවන් 100ක් ඝාතනය කර උත්සව පවත්වන විට දූෂිතයන්ව ආරක්ෂා කරමින් ආරක්ෂාව භාරව සිටියේ කවුද? තංගල්ලේ සභාපතිවරයෙක් විදේශීය කාන්තාවක් අමානුෂීක ලෙස දූෂණය කරන විට ඒ දූෂිතයන්ව බේරාගැනීමට කටයුතු කළේ කවුද කියා මම අහනවා. වැරදීමකින් හෝ ප්‍රතිවාදීන් බලයට ආවොත් මෙම දැරියව විනාශ කළ දූෂිතයින්ව නිදොස් කොට නිදහස් කරනවා කිසිම කතාවක් නැහැ. එම අහිංසක දැරිය වෙනුවෙන් පෙනී සිටින්න වැඩි දෙනෙක් නැහැ. එම නින්දිත ක්‍රියාව සිදුකළ දූෂිතයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර ජනාධිපති ලෙස ගත හැකි උපරිම පියවර ගන්නවා..යනුවෙන්ද පැවසීය.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 13:44

    Latest News