තුවාල ලැබූ ගැබ්බර මුව දෙනට පිළිසරණක් (ඡායාරූප)

නොවැ 23, 2018
  • කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා  ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි විය.

    හැටන් - ෂැනන් තේ වත්තේ අද (23) දහවල් මෙම මුව දෙන වැටි සිටිනු දුටු වතු කම්කරුවන් හැටන් පොලිසියට දැනුම් දීමෙන් පසු හැටන් පශු වෛද්‍ය කාර්ය්‍යාලයට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇත.

    තේ වතු ආශ්‍රිතව සැරිසරන සුනඛයින් මෙම ගැබ්බර මුව දෙන පන්නා ඇති බවත්, එම සුනඛයින්ගෙන් බේරීමට දිව යාමේ දී කන්දකින් පහලට ඇද වැටෙන්නට ඇති බවයි හැටන් පොලිසිය සැකකරන්නේ.

    10

    06

    07

    13

    12

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 15:05

    Latest News