කහල්ල වනයෙන් මතුවූ ආරාමය (ඡායාරූප)

නොවැ 22, 2018

    අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල්වෙහෙර, කහල්ල රක්ෂිතයේ පිහිටි ඉපැරණි නටබුන් ප්‍රදේශයක් හෙලි පෙහෙලි කර ජනතාවාට දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.

    මෙය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා උයන වන අතර, අක්කර 200කට අධික මෙම භූමියෙහි විහාර ආරාම සංකීර්ණයක් පිහිටා තිබෙන බවයි, වාර්තා වන්නේ. මෙය මෙතෙක් වනගතව පැවති අතර, කහල්ල රක්ෂිතයේ කඳු බෑවුමක සිට කඳු මුදුන දක්වා මෙම නටබුන් දක්නට ලැබෙන බවයි, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙම ස්ථානය සුද්ධ පවිත්‍ර කෙරුණු අතර, සංඝාවාසය, චෛත්‍ය හා නොසිදෙන ජල උල්පත් සංරක්ෂණය කිරීමට ද පියවර ගෙන තිබේ.

    ගලේවෙල කලා වැව ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ, පලාගල, ආඩියාගල හතරමං හදියෙන් පොල්පිතිගම මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ පැමිණි විට මෙම පුරා විද්‍යාත්මක ස්ථානය හමුවෙයි.

    මෙම ස්ථානය වරින් වර නිදන් සොරුන්ගේ ග්‍රහණයට ද ලක්ව තිබේ. මෙම ස්ථානය හෙළි පෙහෙළි කිරීම පූජ්‍ය දාගම ධම්මාලංකා ස්වාමීන් වහන්සේ අනුශාසනා පරිදි සිදු කෙරුණු අතර ඊට තරුණ සංවිධාන, පුරා විද්‍යා දෙපාර්තමේ්තුව හා පොලිස් නිලධාරීන් මූලිකත්වය ගනු ලැබීය.

    16

    17

    10

    03

    07

    Latest News