විදුලි වැටේ ගැටුනු මුවාට උදැල්ලෙන් ගහලා

ඔක් 31, 2022

    සුනඛයින්ගෙන් බේරිමට පිම්මේ දිව ආ දැවැන්ත මුවකු විදුලි වැටක ගැටී වැටිමෙන් පසු උදැල්ලකින් ගසා මරා දැමිමේ සිදු වීමක් කරුවලගස්වැවින් වාර්තා වේ.

    අදාළ චෝදනාවක් සම්බන්ධව කරුවලගස්වැව, එගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු පවසති.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි අයකු වන අතර සැකකරු ජීවත් වන ප්‍රදේශයේ ආසන්නයේ රක්ෂිතයක සිටි මුව රංචුවකින් අතරමං වී ඇති මුවෙකු නැවත රක්ෂිතයට ගමන් කරමින් සිටියදී සුනඛයින්ගේ ග්‍රහණයට ලක්වි ඇති අතර සුනඛයින්ගෙන් බේරිම සදහා දිව යමින් සිටියදි ඉඩමක් වටා ඇද තිබු විදුලි අලි වැටක ගැටී තිබේ.

    විදුලි අලි වැටේ ගැටිමත් සමග ඇද වැටී ඇති මුවා ඒ ආසන්නයෙ ඉඩමක් වැඩ කරමින් සිටි පුද්ගලයකු මුවා බේරා ගැනිම පසෙක තබා අත වූ උදැල්ලෙන් ගසා මුවා මරා දමා ඇති බව වන ජීවි නිළධාරිහු පවසති.

    අදාල සිද්දිය දුටුවෙකු වනජීවි නිළධාරින්ට මේ බව දැනුවත් කිරීමත් සමග අදාල ස්ථානයට කඩිනමින් ගිය වනජීවි නිළධාරින් උදලු පහරින් මරණයට පත්වි සිටි දැවැන්ත අගමුවා සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් සැකකරු වනජීවි නිළධාරින් විසින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

    Latest News