නුවරඑලියට මල්තුහින පතිත වෙයි

දෙසැ 22, 2021

    නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

    සැම වසරකම නත්තල් සමයේ නුවරඑලියට මල්තුහින පතිත වන අතර (21) දින නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයේ එලවළු වගා ගොවිපලක සහ ඊට ආසන්නයේ පිහිටි තේ වත්තට මල්තුහින පතිත වි තිබුණි.

    මල්තුහින පතිත විමත් සමග නුවරඑලිය ප්‍රදේශය අලුයම දැඩි සිතල කාලගුණයක් පැවති අතර, මල්තුහින පතිත විමෙන් එලවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපැමක් එල්ල කරන බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 දෙසැම්බර් 2021 07:55

    Latest News