පිය සෙනහස අහිමි දරුවන් රකින්න යකඩ මවක් (වීඩියෝ)

දෙසැ 07, 2021
  • අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොහොමයක් ගම්මානවල ජීවත්වන ජනයා ගොවිතැනින් හා කුලී රැකියාවෙන් තම ජීවිතය ගැටගසා ගෙන ජීවත්වේ.


    මේ අතර දුණුකාරමුදියන්සේලාගේ රන්මැණිකා නම් දෙදරු මවට හිමි වන්නේ සුවිශේෂ තැනකි. ඒ, තම සැමිය නොමැතිව සිය දරුදෙනා ජීවත් කරවීමට අන් අයට වෙනස් රැකියාවක නිරත වීමයි.

    අම්පාර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ අතුරින් බොහොමයක තත්වය මෙආකාර බව රටේ බලධාරින් හැර සෙසු ජනයාට නම් නොරහසක්. මේ අතරින් පදියතලාව ප්‍රාදේශිය ලේකම් කොටසට අයත් අංක 139/A මරංගල ග්‍රාමසේවා වසමේ කීනාතමුල්ල , ඇතාවැටුනයාය ගම්මානය මේ අතරින් විශේෂ කර දැක්විය යුතුම ගම්මානයක් ලෙස පෙන්වා දිය හැක.

    විසි එක්වන සියවසේ දිවුණුව සමග ජනයා යන්ත්‍රානු සාරයෙන් තම අවශ්‍යතා ඉටු කර ගත්ත ද මෙහි ජීවත්වන බොහොමයක් තවමත් ගවයන් භාවිතයෙන් සාම්ප්‍රදායික ක්‍රම තුළින් සිය ගොවිතැන් සිදු කරති. ප්‍රශ්නය නම් රටට වගකිය යුතු පිරිස් මෙහි ජීවත්වන ජනතාව පිළිබද නොදැක්කා සේ හිදිනවාද නැතිනම් ඔවුන් පිළිබද කිසිදු ගණන් ගැණිමක් සිදු නොකරන්නේ ඇයි ද යන්නයි.

    මෙහි සඳහන් රන්මැණිකා එසේ තම දුප්පත්කම පරාම්පාරික උරුමය ලෙස දායාද කරගෙන තම ළමා විය අවසන් වීමට මත්තෙන් යම් සරණක් බලාපොරොත්තුවෙන් විවාහ දිවියට ඇතුළත් වී ඇත.

    අසරණ බවින් මිදීමට “විවාහය“ මාර්ගයක් යැයි සිතුවද එහි කිසිදු සැණසිමක් නොලැබූ ඇය තවතවත් අසරණ අඩිකට වැටී තිබේ. ඒ, තම කුසින් දරුවන් දෙදෙනෙකු මෙලොවට බිහිවිමෙන් අනතුරුව දරුවන් බහතොරන කාලයටත් පෙර ඇගේ ස්වාමිය තම කැදැල්ල අත හැර ගොස් තිබීමයි. නොඉවසිය හැකි තරමට දරුවන්ට හා රන්මැණිකාට නොයෙකුත් අඩන් තෙට්ටන් කිරිමෙන් පසුව ඔහු, සිය කැදැල්ල හැර ගිය බව ඇය අපට කියා සිටියේ මහත්සේ හැඟුම්බරවය.

    මත්පැන් හා මත්ද්‍රව්‍යට ඇලුම් කළ පියා දරුවන් හැර ගොස් දැනට වසර 5 වැඩි කලක් ගත උවද මේ දක්වා රන්මැණිකා හෝ 2වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වැඩිමහල් පුතු හෝ පෙරපාසල් වියේ සිටින සිඟිත් දරුවා බැලීමට නොපැමිණෙන බව ද ඇය අප සමග පැවසීය.

    දරුවන්ගේ පියා තම දරුපවුල වෙනුවෙන් කිසිදු බර පැණක් නොදැරීම හේතුවෙන් තම දරුවන් වෙනුවෙන් ජීවත්වන බව පවසන රන්මැණිකා අප යන විටත් තම රැකියාව කරමින් සිටියා ය.

    මේ ජීවිත සටන කටුක අත්දැකීමක් වුවත් එය ජීවිතයට ලැබුණු අස්වැසිල්ලක් සේ සලකා තම ගම හරහා ගලාබසින මහඔයේ වැලි ගොඩ දැමීම ඇය සිය රැකියාව කරගෙන සිටියි.

    එමෙන්ම සිය දරුවන් ද රැකියාවේ නියුතු ස්ථානයට ඇය රැගෙන යන්නනේ වෙනත් කළ හැකි දෙයක් නොමැති කමිනි.

    ස්ථිර රැකියාවක් නැති මොවුන් තම සියළු අවශ්‍යතා සඳහා මුදල් සපයාගන්නේ වැළි ගොඩ දැමිමෙන් බව වෙන්වා දෙන රන්මැණිකා, වැලි ගොඩ දැමීම සඳහා සතියට දින තුනක් සඳහා පමණක් බලපත්‍ර හිමිවන බවත් එක් වැලි කියුබ් එකක් සඳහා රුපියල් 2000 ක් ලැබෙන බවත් පවසයි. දැඩි දුෂ්කරතා මැද ගොඩ දමන වැලි අසීරුවෙන් එය නැවත ලොරියකට හෝ ට්‍රැක්ටර් වෙත පටවා දීමටත් ලැබෙන්නේ එම රුපියල් 2000 පමණක් බව ඇය පවසයි.

    රන්මැණිකා පවසන පරිදි පිරිමි අයකුට මෙන් තමාට ශරීර ශක්තියක් නැති බැවින් ලොරියකට සරිලන වැලි ප්‍රමාණය දිනයක් තුළ ගොඩ දැමා ගත නොහැකි බව පවසයි.

    දරුවන්ගේ වැඩ හා දෛනිකව ගෘහණියක් මෙන්ම ගෘහමුලිකයෙකු වෙන ඇයට තමාට නිවසේ පැවරි ඇති රාජකාර අවසන් කර දරුවන්ගේ පාසල් යවන කටයුතු අවසන් කොට ව්‍යයෝවෘද්ධ තම මැණියන්ගේ කටයුතු ද තමන්ම සිදු කොට අවසන්වෙන විට දිනයෙන් හරි අඩකටත් වැඩි කාලයක් ගතවීම හේතුවෙන් තමන් මහත් අසීරුවට පත් වෙන බව ඇය පවසයි.

    දරුවන්ගේ අධ්‍යපාන කටයුතු මෙන්ම සැම අවශ්‍ය කාරණාවක් වෙනුවෙන් යහමින් මුදලක් අතේ නොගැවසීම හේතුවෙන් හරිහමන් නිවහනක් තනා ගත නොහැකිව සිටින මොවුන් කුප්පිලාම්පුව එලියෙන් රැය පහන් කරන්නේ නිවසට විදුලිය ලබා ගැනීමට වත්කමක් නොමැතිවීම හේතුවෙනි.

    ඔවුන්ට කටට රසට අහරක් තියා එක දිගට තුන්වෙලක් ආහාර ගැනීමට නොලැබෙන බව අපිට එහිදී පෙනී ගිය කරැණක්.

    මොවුන් උපතින් මෙම තත්වය උරුම කරගෙන මෙළොවට පැමිණයත් තම අසරණ කම හේතුවෙන් රජයෙන් හෝ තමන්ට සහනයක් නොමැති බව රන්මැණිකා පවයි. මොවුන් ඉල්ලා සිටින්නේ හැකි අයකු වේ නම් මෙම දරු පවුල වෙත යම් හෝ උපකාරයක් ලබා දෙන ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 07 දෙසැම්බර් 2021 16:14

    Latest News