නුවරඑළිය,කොත්මලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ජූනි 21, 2021

    අද (21) උදෑසන 4.00 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කර තිබේ.

    ඒ අනූව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර,‍ බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබේ.

    ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් හමුවූ දෙමටගොඩ ආරාමය පෙදෙසේ 66 වත්ත ප්‍රදේශය ඇතුළු දිස්ත්‍රික්ක 12කට අයත් ග්‍රාම නිලධාරී වසම් 24ක් ද අද අලුයම 4.00 සිට හුදෙකලා කෙරිණ. 

    එමෙන්ම,දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරි වසම් 82ක හුදකලාභාවය ඉවත් කරන බව ද යුද හමුදාපතිවරයා ඊයේ (20) ප්‍රකාශ කළේය. එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමාවන් අද අලුයම 4.00ට ඉවත් කර තිබේ.

    යළි ලබන 23 වැනිදා රාත්‍රී 10.00 සිට 25 වනදා අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. 25 වැනිදා යළි දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කළ ද පළාත් තුළ සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

     

    Last modified on සදුදා, 21 ජූනි 2021 10:33

    Latest News