නුවරඑළිය පාසල් 52ක ගුරුවරුන්ට සයිනොෆාම් එන්නත

ජූලි 15, 2021

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 52ක ගුරුවරුන්ට සහ අනද්‍යයන කාර්ය මණ්ඩලයට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (15) හැටන් ශ්‍රී පාද ජාතික පාසල් ශ්‍රවණාගාරයේ සහ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලේදි සිදු කෙරිණ.

    ඒ අනූව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පාසල් 52ක ගුරුවරුන් 1805 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන්නේය.

    මස්කෙලිය සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි පාසල්වල ගුරුවරුන්ට සහ අනද්‍යයන කාර්ය මණ්ඩලයට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම මේ මස 17,19 දෙදින තුල එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය වල පිහිටි ප්‍රධාන පාසල් කිහිපයකිද සිදු කරන බව බව හැටන් කලාප අධ්‍යක්ෂක එස්.ශ්‍රීදරන් මහතා පැවසීය.

    01 5

    01 4

    01 7

    Latest News