හිමිදිරියේම කඳුකරයෙන් අසුබ පුවතක්

ජූලි 11, 2024
    නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය කල පෞද්ගලික බස් රථයක් නුවරඑළිය ලබුකැලේ ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට පත්විමෙන් බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා පවසනවා.

    නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කරන සේවක සේවිකාවන් සංචාරයක් සදහා නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රවාහනය කරන අතරතුර (11) දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහල මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි තිබෙනවා.

    බස් රථය අනතුරට පත්වන අවස්තාවේ බස් රථයේ රියදුරා සහ සහයකයා ඇතුළු 41 දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුර පිලිබදව නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වනවා.

    3

    6
    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2024 09:19

    Latest News