රටට සෙත්පතා ආදිවාසීහු කිරිකොරහ නටති (වීඩියෝ)

පෙබ 05, 2019

    රට වැසියන්ට සෙත්පතා දඹානේ ආදිවාසීන් ඉදිරිපත් කළ "කිරිකොරහ" ශාන්ති කර්මය ඇතුළු සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (04) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

    ලෙඩ රෝගවලින් බෙරීමට, දඩයම් ලබා ගැනීමට, කිරිදෙන දරුවන් හා ගව පට්ටි ආරක්ෂා කිරීමට වැනි දේ සඳහා ආශිර්වාද ලබා‍ගැනීමේ අරමුණින් මෙම පාරමපරික කිරිකොරහ නැටීම වැදි ජනයා විසින් අඛණ්ඩව පවත්වාගෙන යයි.

    71 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම් ප්‍රසංගය සංවිධානය කර තිබුණි. එහිදී සිංහල, දෙමල, මුස්ලිම් පාසැල් නර්තණ කණ්ඩායම් ද රංගන ඉදරිපත් කළහ.

    බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය හා ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ ඇතුලු විශාල පිරිසක් උත්සවයට සහභාගී වූහ.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 10:57

    Latest News