ලාදුරු රෝගයට අනිසි බියක් එපා

පෙබ 05, 2019

    ලාදුරු, නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි රෝගයක් බව, විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි.

    රෝගය පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත්, රෝගීන් කොන් කිරීමෙන් වැළකි සිටි යුතු බවත්, ඔවුන් පවසති.

    බැක්ටිරියාවක් මගින් බෝවන නිධන්ගත රෝගයක් වන ලාදුරු, ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාධිත බිඳිති මගින් ව්‍යාප්ත වේ. ශරීර ප්‍රතිශක්තිය නිසා බහුතරයකට රෝගය බෝ නොවන අතර, 10%ක පමණ පිරිසකට රෝගය වැළදේ. පසුගිය වසරේ මෙරටින් රෝගීන් 1683 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 691 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා විය. වැඩිම රෝගීන් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. වයස අවුරුදු 15ට අඩු ළමා රෝගීන්ගේ ප්‍රතිශතය 9.5%ක්. ළමා රෝගීන් වැඩිපුරම වාර්තා වූ දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ ගම්පහ සහ කළුතරයි. රෝග ලක්‍ෂණ මතුවී මාස 6කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි සංඛ්‍යාව 30% දක්වා ඉහළ ගොස් තිබේ.

    ලාදුරු ආඥා පනත ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගිය වසරේ හිමිවිය. රෝග ලක්‍ෂණ පහළ වූ වහාම නිසි ප්‍රතිකාර ආරම්භ කර රෝගය මුළුමණින්ම සුවකර ගන්නා ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටී.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 19:49

    Latest News