චීනයේ රත්රන් පතලක සිටින කම්කරුවන්ගෙන් දින 7කට පසු සංඥ්‍යාවක් ලැබී තිබේ. ඔවුන් සඳහන් කර ඇත්තේ, කම්කරුවන් දොළොස් දෙනෙක් ජීවතුන් අතර සිටින බවයි.

චීනයේ වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් තරබාරු කමින් පෙළෙන බව වාර්තා වෙයි. අධික බර සහිත පුද්ගලයන් කොවිඩ්-19 වෛරසයට මාරාන්තික සංකූලතා පෙන්වන බවයි,එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

සදේ පාෂාණ එකතු කිරීම සඳහා චීනය නව ‍මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධාන කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

අමෙරිකානු ජනාධිපති නැවත වරක් කොරෝනා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා කර තිබේ.

චීනයේ ෂිංජියෑං ප්‍රාන්තයෙන් සිදු කෙරෙන ආනයන තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හතර දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් අද වන විට ගෝලීය වශයෙන් වාර්තා වී තිබේ. ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ හය දහස ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

චීනයේ ශෙන්ග්ඩු නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමෙන් පසු එහි සිටි අමෙරිකානු තානාපති නිලධාරීන් ඊයේ ඉන් පිටව ගියේය.

කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ රටවන චීනයෙන් අද නව ආසාදිතයන් 06 දෙනෙකු සොයා ගෙන තිබේ.

Latest News