රත්රන් පතලේ සිරවූ කම්කරුවන්ගෙන් සංඥාවක්

ජන 18, 2021

    චීනයේ රත්රන් පතලක සිටින කම්කරුවන්ගෙන් දින 7කට පසු සංඥ්‍යාවක් ලැබී තිබේ. ඔවුන් සඳහන් කර ඇත්තේ, කම්කරුවන් දොළොස් දෙනෙක් ජීවතුන් අතර සිටින බවයි.

    නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ පිහිටි හූෂාන් රත්රන් පතලේ කම්කරුවන් 22 දෙනෙක් සිර වුණේ, පසුගිය 10 වැනිදා. ඒ අභ්‍යන්තරයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් එහි පිටවීමේ දොරටුව වැසී යාමත් සමගයි.

    එම පිපිරීමෙන් පතලේ සන්නිවේදන පද්ධතිය ද සම්පූර්ණයෙන් අක්‍රීය වී තිබේ. කෙසේ වෙතත්, පතලේ ඇති කුඩා සිදුරක් මාර්ගයෙන් සිරවී සිටින අයට පණිවුඩයක් ලබාදීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබිණ.

    එමගින්, කඩදාසි කොළ කැබැල්ලක ලියන ලද පණිවුඩයක් ආපසු ගෙන්වා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබිණ.

    ලැබී ඇති වාර්තාවලට අනූව ඔවුන් සිරවී සිටින්නේ, පතලේ සිට මීටර 600ක් ගැඹුරින් වූ ස්ථානයක. කෙසේ වෙතත් සිරවී සිටින අනෙකුත් දස දෙනා ගැන කිසිඳු පණිවුඩයක් මේ වන තෙක් ලැබී නැහැ.

    දැනට හඳුනාගෙන ඇති පුද්ගලයින් ගලවා ගැනීම සඳහා මේ වන විට සිදුරක් කැණීමේ කටයුතු ආරම්භ වී තිබේ.

    Last modified on සදුදා, 18 ජනවාරි 2021 09:59

    Latest News