මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට ගෙන යායුතු යැයි, චීනය යෝජනා කරයි

අප්‍රේ 20, 2021

    බෝඕ ආසියානු සංසදයේ  2021 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (20) පෙරවරුවේ චීනයේ හයිනාන් පළාතේ බෝඕ නගරයේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය.

    ගත වූ වසර 20 තුළ ආසියානු රටවල් කලාපීය ආර්ථික ඒකීයකරණය ගැඹුරින් ප්‍රවර්ධනය කරමින්, ආර්ථික හා සමාජ සංවර්ධනය දිරිගැන්වීම සඳහා එක්ව කටයුතු කර තිබේ. එමගින් දැන් ආසියාව ලෝකයේ බලවත් ම ආර්ථික ජීව ශක්තිය හා වර්ධන විභවය සහිත කලාපය බවට පත් ව ඇතැයි එම දේශනයෙහි සඳහන් වේ. ආසියාවේ වැදගත් සාමාජිකයෙකු ලෙස චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අඛණ්ඩව ගැඹුරට ගෙන යමින් කලාපීය සහයෝගීතා සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතර ආසියාව සහ ලෝකය සමඟ ප්‍රගතීන් ලබා ගෙන ඇත.

    චීනය, ආසියාව සහ ලෝකය ගමන් කළ අසාමාන්‍ය ගමන සනාථ කර ඇති බෝඕ ආසියානු සංසදය ආසියාවේ සහ ලෝකයේ සංවර්ධනයට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් අවධාරණය කළේය.

    එක් රටක් හෝ රටවල් කිහිපයක් විසින් සම්පාදනය කරනු ලබන රෙගුලාසි බලහත්කාරයෙන් වෙනත් රටවලට පවරා දිය නොහැකි ය. යම්කිසි රටක ඒකපාර්ශ්වවාදී ප්‍රවණතාවන් මුළු ලෝකයට පවරා දිය නොහැකි ය. යුක්තිය මිස දාමරිකකම ලෝකය තුළ මතු විය නොහැකි ය. විශාල රටවල් වැඩි වගකීම් පෙන්නුම් කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.

    විවිධ රටවල් සමග ගනුදෙණු කිරීමේදී, සමානත්මතාවය, එකිනෙකා කෙරෙහි විශ්වාසය ප්‍රමුඛ ස්ථානයේ තැබිය යුතුය. අහංකාර ආකාරයෙන් කටයුතු කිරීම මෙන්ම වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම අප්‍රසාදයට ලක් වනු ඇත.

    වත්මන් යුගය අභියෝගවලින් හා බලාපොරොත්තුවෙන් පිරී ඇති බව කී ෂී ජින්පිං මහතා ආසියාවේ සහ ලෝකයේ සියලුම රටවල් කාලයාගේ ඇවෑමෙන් ප්‍රතිචාර දක්වා, වසංගතය මඟහරවා ගෙන, ගෝලීය පාලනය ශක්තිමත් කරමින්, මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට ගෙනයායුතු යැයි  චීනය යෝජනා කරන බව අවධාරණය කළේය.

    වාර්තාව - මෝතිලාල් හිස්ඇල්ල (චීනයේ බෙයිජිං නුවර සිට)

    Latest News