චීනයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 300,000ක් - ගිවිසුමට අත්සන් තැබේ

ජන 29, 2021

    ශ්‍රී ලංකාවට චීනයෙන් ලබා දෙන කොවිඩ් 19 එන්නතේ මාත්‍රා ලක්ෂ 300,000ක පරිත්‍යාගයක් ලබාදීමට අදාළ ගිවිසුම ඊයේ අත්සන් කෙරිණ. ඊට අත්සන් තබනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යා‍ලයේ නියෝජ්‍ය ප්‍රධානී හූවෙයි සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්වරුන් විසින්.

    මෙම එන්නත් තොගය ලබන මස මැද බාගයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි. චීනයේ ජාතික ඖෂධ සමූහ සමාගම හෙවත් සිනෝ ෆාම් සමාගම එය නිපදවා තිබේ.

    මෙමගින් කොවිඩ් 19 රෝගය වැළැක්වීමට 79%ත් 86%ත් අතර ප්‍රතිඵලදායකත්වයක් පෙන්වන බවයි, පැවසෙන්නේ. එමෙන්ම, ප්‍රතිදේහවල බලය 99.52%ක ප්‍රමාණයකින් උදාසීන කිරීමට එමගින් හැකියාව ලැබෙයි.

    විශේෂත්වය වන්නේ සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වය එනම්, සෙල්සියස් අංශක 2ත් 8ත් අතර පහසුවෙන් ගබඩා කළ හැකිවීමයි. ජනවාරි 26 වැනිදා වන විට මෙම සිනෝ ෆාම් එන්නත ලොව මිලියන 2කට අධික ජනතාවට ලබාදී තිබේ.

    සහයෝගීතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට චීනයේ ඇති කැපවීම යළි අවධාරණය කිරීමේ අරමුනින් පරිත්‍යාගය සිදු කරන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ.

    Latest News