චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රථම ප්‍රදර්ශනය ඇරඹේ

මැයි 07, 2021

    ප්‍රථම චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය චීනයේ හයිනාන් පළාතේ හයිකෞ නගරයේ දී අද (7)ආරම්භ විය. චීන හා විදේශීය වෙළඳ නාම 2500 කට අධික ප්‍රමාණයක් හයිනාන් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරේ.

    ප්‍රථම පාරිභෝගික ප්‍රදර්ශනයේ මුළු  භූමි ප්‍රමාණය වර්ග මීටර් 80000ක් වන අතර ඉන් ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් 60000කි.

    එය විලාසිතා, ස්වර්ණාභරණ සහ දියමන්ති, ඉහළ මට්ටමේ ආහාර හා සෞඛ්‍ය නිෂ්පාදිතයන්, සංචාරක හා නේවාසික ජීවිතය සහ සංයුක්ත සේවා යන විශේෂ ප්‍රදර්ශන අංශ පහකින් සමන්විත ය.

    විදේශීය සමාගම් 650ක වෙළඳ නාම 1300 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයේ දී දක්නට ලැබෙනු ඇත. චීන පාරිභෝගික නිෂ්පාදිතයන් ගෝලීයව ඉදිරියට ගෙන යාම උදෙසා මෙවර ප්‍රදර්ශනයේ දී  ප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම් හා වෙළඳ නාමවලට අමතරව, චීනයේ විවිධ පළාත්, නගර හා ස්වායත්ත සඳහා ප්‍රදර්ශන කලාප ද ස්ථාපිත කෙරේ.

    පාරිභෝගික ප්‍රදර්ශනය මගින් ගෝලීය වෙළඳ නාමයන් හයිනාන් පළාතට සහ චීන වෙළෙඳ පොළට පිවිසීම සහ චීනයේ අධි ගුණාත්මක පාරිභෝගික නිෂ්පාදන ලොව පුරා ජනප්‍රියවීමට පාලමක් ගොඩනගනු ඇතැයි මෙවර ප්‍රදර්ශනයට එක් වන දෙස් විදෙස් සමාගම් පවසා ඇත.

     

    වාර්තාව - මෝතිලාල් හිස්ඇල්ල

    රූපවාහිනී වාර්තාකරු (චීනයේ බෙයිජිං නුවර සිට) 

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 10:35

    Latest News