චීනයේ ජාතික දරිද්‍රතාවය පිටුදැකීමේ සාරාංශ හා ප්‍රශංසා සම්මන්ත්‍රණය බෙයිජිං නුවරදී

පෙබ 25, 2021

    චීනයේ ජාතික දරිද්‍රතාවය පිටුදැකීමේ සාරාංශ හා ප්‍රශංසා සම්මන්ත්‍රණය බෙයිජිං නුවරදී අද (25) පැවැත්විණ.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පැවැත්වීය. ගත වූ වසර 8 තුළ චීනයේ දිළිඳු කෝරළ 832 ක්, ගම්මාන 128,000 ක් සහ ගම්බද ප්‍රදේශවල දිළිඳුන් මිලියන 100ක් දිළිඳුබවෙන් මුදාගෙන තිබේ. මෙය දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ මානව ඉතිහාසයේ ආශ්චර්යය නිර්මාණය කිරීමක් යැයි හෙතෙම සඳහන් කළේය. නිරපේක්ෂ දරිද්‍රතාවය හා කලාපීය දරිද්‍රතාවය සාර්ථකව විසඳා ගෙන ඇති චීනය, එක්සත් ජාතින්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ සඳහන් ඉලක්කය වසර 10 කට පෙර සාක්ෂාත් කර තිබේ.

    චීන කොමියුනිස්ට් පක්ෂය, චීන ජනතාව එකමුතුවෙන් ඉදිරියට ගෙය යාමට මග පෙන්වීමේ විශ්වාසනීය ම නායක පිටුබලය බව, දරිද්‍රතාවෙන් මුදවා ගැනීමේ සටන සම්පූර්ණයෙන් ම ජය ගැනීමේ අත්දැකීම් වලින් චීනය සනාථ කර ඇතැයි ද ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කරයි.

    ගෙවී ගිය වසර 8 තුළ, ෂී ජින් පිං මහතා දරිද්‍රතාව පිටුදැකීම සම්බන්ධයෙන් නිරීක්ෂණ මෙන්ම පර්යේෂණ චාරිකා 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර තිබිණ. දිළිඳු ප්‍රදේශ වල ජනතාව දරිද්‍රතාවෙන් මුදවා ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විවිධ මට්ටම්වල කමිටු ලේකම්වරුන් හා ප්‍රාදේශීය නිලධාරින් මිලියන 3කට වැඩි පිරිසක් යවා ඇත.

     

    පිටපත - මෝතිලාල් හිස්සැල්ල

                 චීනයේ සිට

    Latest News