චීනයේ 14 වන 5 අවුරුදු සැලැස්මට සුළු ජාතික ප්‍රදේශවල නියෝජිතයන්ගෙන් යෝජනා

මාර් 09, 2021

    චීන 14 වන පස් අවුරුදු සැලැස්ම වෙනුවෙන් සුළු ජාතික ප්‍රදේශවල නියෝජිතයෝ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරති.

    ‍මේ වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව තුළ බටහිර ප්‍රදේශය, සුළු ජාතික ප්‍රදේශ, දේශසීමා ප්‍රදේශ සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳව අවස්ථා කිහිපයකම සඳහන් කර ඇත.

    සැසිවාර දෙක පැවැත්වීමේ කාලය තුළ සුළු ජාතික ප්‍රදේශ වල දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයෝ දේශසීමා හා සුළු ජාතික ප්‍රදේශ වල ඉදිරි සංවර්ධනය පිළිබඳව සක්‍රීය ලෙස සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. දේශසීමා ප්‍රදේශවල දුම්රිය මාර්ග ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරන අතර ඊ-වාණිජ පූර්ණ අත්හදා බැලීමේ කලාප ස්ථාපිත කිරීමට රජය සහය ලබා දෙනු ඇතැයි මොංගෝලියානු ජාතික නියෝජිතයෝ බලාපොරොත්තු පළ ක‍ළහ.

    චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම හා 2035 වසරේ දිගුකාලීන ඉලක්ක ඔස්සේ ජෛව ශිෂ්ටාචාර ගොඩනැගීම හා ‍‍ජෛව පරිසර ආරක්ෂක දිශාව හා මඟ පෙන්වීම සපයා ඇත. ඒ සම්බන්ධයෙන් අදාළ නියෝජිතයන් පැවසුවේ බටහිර චීනයේ සුළු ජාතික ප්‍රදේශවල ජෛව පරිසර ආරක්ෂා කිරීමේ පියවර ශක්තිමත් කරන බවයි.

    කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යංශය පශු සම්පත් කර්මාන්තය වෙත සම්පත් යොමු කිරීම තවදුරටත් වැඩි කරමින් ස්වභාවික තණබිම් ආරක්ෂා කිරීම ශක්තිමත් කරන බව ඇතුළු මොංගෝලියානු ජාතික ස්වායත්තයේ නියෝජිතයෝ පැවසූහ.

     

    රූපවාහිනී වාර්තාකරු - මෝතිලාල් හිස්ඇල්ල 

    චීනයේ බෙයිජිං නුවර සිට

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 10:58

    Latest News