එළවලු උපරිම තොග මිලට පිටපැන්නට 8ක් අල්ලයි

මාර් 27, 2020

    පරිභෝගික අධිකාරිය එළවළු තොග අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ උපරිම මිලක් පැනවීමට ක්‍රියා කළේය.

    කොළඹ මැනිං වෙළෙඳපොළේ එළවළු තොග එම උපරිම මිලට යටත්ව අලෙවි කිරීමටි අද පියවර ගෙන තිබිණ. මේ අතර, වැඩි මිලට එළවළු තොග අලෙවි කරමින් සිටි අට දෙනෙකු අද අත්අඩංගුවට ගැනිණ.

    බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වුවද, කොළඹ මැනිං වෙළෙඳපොළේ තොග වෙළෙඳාම් සඳහා අවස්ථාව සළසා තිබේ. ඒ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ විශාල අස්වනු ප්‍රමාණයක් ලැබෙමින් පැවතීම හේතුවෙන්. මැනිං වෙළෙඳපොළ විවෘත කර තැබීමේ ප්‍රධානතම හේතුව වන්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ මොහොතේ නිවාස අසළටම එළවළු ප්‍රවාහනය කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට අවස්ථාව සැලසීමයි.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 12:29

    Latest News