එළවලු මිල පහළට;ගොවියාගේ අවුරුදු සිහිනය බොඳවන හැඩක්..

අප්‍රේ 11, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල ලෙස එළවළු තොග ලැබිමත් සමග ඒවා මිල දී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ අඩුවීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. මේ නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වගා කරන ලද ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් එයි. වාහන වලින් රැගෙන ආ එළවලු  ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයේ නවතා තිබෙන ආකාරය මේ දිනවල දැක ගත හැකියි.

    ගොවීන් පවසන්නේ ඉතා අඩු මුදලට එළවළු, වෙළෙඳුන් ඉල්ලා තම නිසා අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වන බවයි. ඉහළ මිල ගණන් ‍ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩ ගසා ගෙන සිටීමට සිදුව තිබෙන බව ද ගොවීන් පවසයි.

    කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබුණු ගෝවා, ලීක්ස්, බීට් රූට්, කැරට් කිලෝවක තොග මිල රුපියල් 35 සිට 55 දක්වා වූ මිල ගණන් යටවතේ සීමිත කොටසක් අලෙවි වූ බවත් වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වම්බටු, පහතරට, ගෝවා ආදී කිලෝව රුපියල් විශේෂිත රුපියල් 20 -  50 දක්වා මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් විසින් මිලදී ගත්ත ද   ප්‍රමාණවත් තොග අලෙවි නොවන බව ගොවීන් පවසයි.

    සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කළ එළවළු සඳහා මිලක් නොමැති වීම නිසා ගොවීන්ට මෙවර සිංහල අලුත් අවුරුද්ද ද සිහිනයක් බවට පත්ව තිබේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මේ දිනවනල දැඩි කළබලකාරී වාතාවරණයක් දැකගැනීමට හැකිවන අතර එළවළු තොග වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම අළුයම් කාලයේ සිට පස්වරු කාලය දක්වාම පිරී පවතින අයුරු දැකගත හැකියි. 

    elawalu 04jpg

    elawalu 03

    elawalu 02

    elawalu 01

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 17:04

    Latest News