හරි මිලට අදත් එළවලු මැනිං වෙළෙඳපොළෙන්

මාර් 29, 2020

    රජය නියම කළ උපරිම මිලට යටත්ව කොළඹ මැනිං වෙළෙඳපොලේ අද දිනයේ ද එළවලු තොග අලෙවි කෙරිණ. නමුත් සෙසු දිනයන්ට සාපේක්ෂව අද දිනයේ දී අඩු වශයෙන් එළවළු තොග ලැබුණු බවයි, මැනිං වෙළෙඳපොළ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා කියා සිටියේ.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට රජය තීරණය කර තිබේ. ඒ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ගොවීන්ට සාර්ථක අස්වැන්නක් ලැබීම හේතුවෙන්.

    කූට වෙළෙදුන් කිහිපදෙනෙකුගේ ක්‍රියා කලාප හේතුවෙන් පාරිභෝගික අධිකාරිය එළවළු තොග අලෙවි කිරීම සඳහා උපරිම මිලක් නියම කරනු ලැබීය. කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු සෑම ආර්ථික මධ්‍යස්ථානයකම පාරිභෝගික අධිකාරී නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නියම කර ඇති පාලන මිලට යටත්ව එළවළු තොග අළෙවි වෙයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 12:36

    Latest News