ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා‍.

‍හෙක්ටයාර් 2 ක් හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබා ගෙන මේ  වන විටත්  ගෙවීමට අපහසු වී ඇති ණය මුදල් කපා හැරීමට අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට ද, කැබිනට් අනුමැතිය හිමිවුණා.

2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැඟින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරය විමසමින් සකස් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබිණ.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

සංචරණ සීමා පවතින කාලසීමාව තුළ ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු හා පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ඇරඹීමට තීරණය කර තිබේ.

ගොවිජන බැංකුවලින්, ගොවීන්ට අඩු පොලියට ණය ලබාදීමට මෙන්ම, ගොවි හැඳුනුම්පත් පමණක් ඉදිරිපත් කර දවස් 2න් ණය ලබාගත හැකි ක්‍රමයක් සැලසුම් කර තිබේ.

මහවැලි සී කලාපයේ ගොවි පවුල් 200කට ඊයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරිණ. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගොවීන්ට සහනදායී පොලී අනුපාතයක්‌ යටතේ රුපියල්‌ ලක්‍ෂ 30 ක්‌ දක්වා වන ණය මුදලක්‌ ලබා දීමට පියවර ගෙන ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) ආරම්භ වෙයි.මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්වීමෙන්.

බෝග වර්ග 14ක් රට තුළ කඩිනමින් ප්‍රචලිත කිරීමේ වැඩසටහන දිවයිනේ ස්ථාන කිහිපයක දී අද ආරම්භ කෙරිණ.

Latest News