ගොවි හැදුනුම්පත ඉදිරිපත් කර දින දෙකෙන් අඩු පොලියට ණය

මාර් 26, 2021

    ගොවිජන බැංකුවලින්, ගොවීන්ට අඩු පොලියට ණය ලබාදීමට මෙන්ම, ගොවි හැඳුනුම්පත් පමණක් ඉදිරිපත් කර දවස් 2න් ණය ලබාගත හැකි ක්‍රමයක් සැලසුම් කර තිබේ.

    මේ බව පසුගියදා (23) පැවති වෘත්තීය සමිති හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසූහ.

    ගොවිජන සේවා මධ්‍යස්ථාන 500කට වැඩි ප්‍රමාණයක ගොවිජන බැංකු සාර්ථකව ක්‍රියාත්මක වේ.

    ගොවියෙකු වීම, ගෞරවයක් සෙල සලකමින් මෙලෙස කිසිම වාණිජ බැංකුවක් ලබානොදෙන ආකාරයේ ගොවි හැඳුනුම්පත විතරක් පෙන්නා ණය ලබාගත හැකි ක්‍රමයක් හදුන්වා දී ඇත.

    මෙම බැංකුව වර්ධනය කර ලංකාවේ ගොවීන්ට ඇති එකම සහනදායි බැංකුව බවට පත්කිරීම ඉලක්කයක් බවද එම කාරණයේදී බොහෝ කල් සිට පැවති ගොවිජන බැංකුවල ලාභාංශය බෙදී යාම පිළිබද ගැටළුවටද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෘත්තීය සමිති සමග සාකච්ඡා කර සාර්ථක විසඳුමක් ලබා දුන්හ.

    ලාභාංශයෙන් 20%ක ප්‍රමාණය, ගොවි බැංකුවල සේවය කරන නිලධාරීන් අතර බෙදී යාමේදී එකඟතාවයක් නොතිබුණු හෙයින් 2012 සිට මෙම ලාභාංශ කොටස ඔවුන්ට ගෙවීම නතර කර ඇත. නමුත් වෘත්තීය සමිති සමග සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව, සැමට සාධාරණව ලාභාංශ බෙදීයන අයුරින් එකඟතාවයකට පැමිණීමට සියලුදෙනා විසින් කැමැත්ත පළ කර ඇත.

    කෘෂිකර්ම පර්යෙෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියොජිතයන්, ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියොජිතයන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්, ගොවිජන සේවා කොමසාරිස් ඇතුළු නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්වූහ.

    Latest News