කාබනික පොහොර නිපදවා ගැනීමට ගොවීන්ට දීමනාවක්

ජූලි 13, 2021

    එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා (අක්කර 5ක්) නොඉක්මවන පරිදි දිරි දීමනාවක් ගෙවීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Latest News