ගොවීන්ගේ අතිරික්ත එළවළු - පළතුරු රජය මිලදී ගනී

ජූනි 08, 2021

    සංචරණ සීමා පවතින කාලසීමාව තුළ ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු හා පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ඇරඹීමට තීරණය කර තිබේ.

    එසේ මිල දී ගැනෙන එළවළු සහ පළතුරු තොග දිස්ත්‍රික් නිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මිලදී ගැනෙයි.

    ඒවා සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සියලුම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාව, අවතැන් කඳවුරු හා ජීවනෝපාය අහිමි පවුල් වෙත අවශ්‍යතාව පරිදි නොමිලේ ලබාදීමට නියමිතයි.

    Latest News