ගොවි පවුල් 200කට ඉඩම් ඔප්පු

ජන 15, 2021

    මහවැලි සී කලාපයේ ගොවි පවුල් 200කට ඊයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරිණ. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    දෙහිඅත්තකණ්ඩිය ශාලික ශාලාවේදී. මෙය සංවිධාන කර තිබුණේ හරි ගොවිතැනට හරි පාර තේමාවෙන්. ගොවිජනතාවට දැනුවත් කිරීම සඳහා එම ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජාතික වැඩසටහනට සමගාමීවයි. ගොවි උපකරණ ප්‍රදානය ද මෙහිදී සිදු කෙරිණ. වගා ළිං සහ නිවාස තනා ගැනීම සඳහා මුදල් චෙක්පත් ද පිරිනැමිණ.


    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ දේශීය කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි.

    ආහාර ආනයනය සඳහා රජය වසරකට විශාල මුදලක් වැයකරන අතර මහවැලි කලාපවල ගොවීන්ගේ සහය උපරිම ලෙස හිමිවන්නේ නම් ආහාර ආනයන වියදම ඉතිරි කර ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සිරිපාල ගම්ලත්,තේනුක විදානගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News