වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රු.50,000ක්

මාර් 01, 2022

    2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැඟින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරය විමසමින් සකස් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබිණ.

    ඒ අනුව අදාළ නිර්ණායක පදනම් කරගනිමින් ගණනය කරනු ලබන වන්දි මුදල, ඇගයීම් දිරි දීමනාවක් වශයෙන් උපරිම වගා වපසරිය අක්කර 05ක ප්‍රමාණයට ලබාදීමටත්, යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ටට් ද අදාළ ඇගයීම් දිරි දීමනාව ලබාදීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක්ද මේ වන විට සකස් කර තිබේ.

    එම දිරි දීමනාව හෙක්ටයාරයකට රුපියල් 50,000 කට යටත්ව ලබන සතියේ සිට ගෙවීමට නියමිත බවයි,මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ.

    Latest News