බෝග වර්ග 14ක් ප්‍රචලිත කිරීමේ පළමු පියවර තැබේ

අප්‍රේ 04, 2020

    බෝග වර්ග 14ක් රට තුළ කඩිනමින් ප්‍රචලිත කිරීමේ වැඩසටහන දිවයිනේ ස්ථාන කිහිපයක දී අද ආරම්භ කෙරිණ.

    ආනයනික ආහාර බෝග ගනයේ සැලකෙන ඉරිඟු,මුං,කොල්ලු,සෝයා,කවුපි,තල,රටකජු,කුරක්කන්,ලොකු ලූනු,අමුමිරිස් හා අර්තාපල් වගාවන් මේ යටතේ හඳුන්වා දීමට නියමිතයි. එය ක්‍රියාත්මක කෙරෙන්නේ, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබඳ කාර්ය සාධක බලකායේ නිර්දේශවලට අනූවයි. වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ මැදගම, පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිංහපුර - වැලිකන්ද හා දිඹුලාගල හා ගන්නෝරුව බීජ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණ.

    අම්බලන්තොට,බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, පවතින තත්වයට මුහුණ දීමේ අරමුණෙන් වැඩසටහන ආරම්භ කළ බවයි.

     

     

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 16:05

    Latest News