මෙරට මූල්‍ය ස්ථායිතාවය ඇතිකිරීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව,  ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

තම ආයතනය 2021 දෙසැම්බර් 22 ප්‍රකාශයට පත් කළ පරිදි අපේකෂිත විදේශ මුදල් ගලා ඒම මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ ඊයේ (18) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගත් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මීට අමතරව, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණ ගත් බව ද මහ බැංකුව සඳහන් කරයි.

එම නිවේදය පහතින්

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20210819_Monetary_Policy_Review_No_6_2021_S.pdf

 

2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහා බැංකුව ණයපත්‌ ඇතුළු පොලි අනුපාත 4 ක්‌ සඳහා උපරිම පොලි අනුපාතිකයන්‌ පණවා තිබෙනවා.

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත්කර තිබේ.

ආර්ථිකය යළි නඟා සිටුවීමට සහයවීමේ අරමුණින් බැංකු පද්ධතියට සහ ජනතාවට සහන රැසක් අත්වන නව ණය වැඩසටහනක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම පැහැර නොහරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහ බැංකුවේ ප්‍රධෘනීන්ට අද කියා සිටියේය.

Latest News