මහ බැංකුවේ බැඳුම්කර නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතනයක් කඩාවැටීම සම්බන්ධයෙන් වගකීම මහබැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුව විසින් කොරෝනා වසංගත අර්බුදයෙන් පසු පසුබෑමට ලක් වූ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම මාසයේදී බැංකු පද්ධතියට නව මුදල් රුපියල් බිලියන 240 ක් මුදල් ලබා දී තිබේ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.

අභ්‍යන්තර විදෙස් මූල්‍ය වෙළෙඳාම මගින් රට තුළ විදේශ විනිමය ඉහළ නැංවීමට අවශ්‍ය රෙගුලාසි හා නම්‍යශීලිභාවය ඇති කිරීමට මහ බැංකුව නව ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 අගෝස්තු 22 දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතය (SDFR) සියයට 7 තෙක් සහ මහ බැංකුවේ ස්ථාවර ණය දීමේ පොලී අනුපාතය (SLFR) සියයට 8 කින් පහත දමා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථාන බිම් මහලේ ආරම්භ කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය ගනුදෙනුව අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි යන අය ලබන 05 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News