මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

සැප් 22, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

    සැප්තැම්බර් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බව සඳහන්. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කළේය.

    සහකාර අධිපති ජේ.පී.ආර් කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.

    කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි.

    Last modified on බදාදා, 22 සැප්තැම්බර් 2021 09:25

    Latest News