ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි

අගෝ 19, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ ඊයේ (18) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගත් බවයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    මීට අමතරව, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

    වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණ ගත් බව ද මහ බැංකුව සඳහන් කරයි.

    එම නිවේදය පහතින්

    https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20210819_Monetary_Policy_Review_No_6_2021_S.pdf

     

    Latest News